රවී ගැන සාක්ෂි දීමෙන් පසු මරණ තර්ජන නිසා රටින් පිට වූ අනීකාගේ සොහොයුරාට පොලිස් ආරක්ෂාව

Friday, 20 October 2017 - 20:23

%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B7%93%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
පසුගියදා මරණ තර්ජන හමුවේ රටින් පිටව ගිය බැදුම්කර කොමිසමේ සාක්ෂිකරුවෙකු වූ අනිකා විජේසූරිය මහත්මියගේ සොහොයුරු විජිත විජේසූරිය මහතාට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ බැදුම්කර කොමිසම පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමක් මත මෙම ආරක්ෂාව ලබා දී ඇති බවයි.

බැඳුම්කර කොමිසම හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පසුගිය 17 වැනිදා සාක්ෂිකරුවෙකුගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොමිසම හමුවේ කරුණු දැක්වූවා.

ඒ, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පදිංචිව සිටි සුපිරි නිවසට අර්ජුන් ඇලෝෂියස් මහතා මාසික කුලිය ගෙවීම සම්බන්ධයෙන් සාක්ෂි දුන් අනිකා විජේසූරියගේ සොහොයුරු විජිත් විජේසූරියගෙන් ලද පැමිණිල්ලක්.

යසන්ත කෝදාගොඩ මහතා කොමිසම හමුවේ සඳහන් කළේ රවී කරුනානායක මහතාගේ ඥාතියෙකු බව කියන ශනිල් නෙත්තිකුමාර නැමැත්තෙක් අනිකා විජේසූරිය මහත්මියගේ සොහොයුරු විජිත විජේසූරිය මහතාට සහ පවුලේ අයට දුරකතනයෙන් මරණ තර්ජන එල්ල කර ඇති බවයි.

අනිකා විජේසූරිය මහත්මියගේ සොහොයුරු විජිත විජේසූරිය මහතා සිය පියාවන නහිල් විජේසූරිය මහතා යටතේ පවතින ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් ආයතනයේ අධ්‍යක්ෂ ධුරයක් හොබවනවා.

තමාට පවතින ජීවිත තර්ජන සම්බන්ධයෙන් විජිත විජේසූරිය මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ බැඳුම්කර කොමිසම සහ විජිත විජේසූරිය මහතා කළ ඉල්ලීම සලකා ඔහුට පොලිස් ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බවයි.

අනිකා විජේසූරිය මහත්මිය සතු මොනෑක් නිවාස සංකීර්ණයේ කුලී පදනම මත රවී කරුණානායක මහතාගේ බිරිඳ ලබාගත් සුපිරි නිවස පසුව රුපියල් මිලියන 165 කට රවී කරුණානායක මහතාගේ බිරිඳට අලෙවි කළ බව ද ඇය බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළා.

එම සාක්ෂි දීමෙන් පසු මරණ තර්ජන ඇති බව පවසමින් අනිකා විජේසූරිය රටින් පිටව ගිය බවට පසුගිය 17 වැනිදා අනාවරණය වුණා.

මෙදින කොටස් වෙළෙඳ පොළේ ද විශේෂ ගනුදෙනුවක් සිදුව තිබෙනවා.

ඒ, නහිල් විජේසූරිය, අනිකා විජේසූරිය සහ විජිත විජේසූරිය යන මහත්ම මහත්මීන් අධ්‍යක්ෂ ධුර හොබවන ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පී.එල්.සී ප්‍රධානතම කොටස් හිමියා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් සමාගමට අයත්ව තිබූ කොටස් විශාල ප්‍රමාණයක් විකුණා දැමීමයි.

එම කොටස්වලින් 25.83‍%ක් ලබාගෙන තිබුණේ මේ වන විට පොලිස් ආරක්ෂාව සපයා ඇති විජිත විජේසූරිය මහතා විසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories