වායු දුෂණයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන රට ලෙසට ඉන්දියාව වාර්තා අතරට එක්වෙයි

Friday, 20 October 2017 - 20:54

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වායු දුෂණය මෙන්ම ජල දුෂණය ඇතුලු අපවිත්‍රතා හේතුවෙන් මරණ සිදුවන රටවල් අතරින් පළමුවන තැන ඉන්දියාවට හිමිව තිබෙනවා.

2015 වසරේදී පමණක් අදාළ කරුණු හේතුවෙන් ඉන්දියාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියන 2.51 ක්.

මෑතකදී එළිදැක්වු සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ වායු දුෂණය සහ ජල දුෂණය හමුවේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන දෙවන රට ලෙසට චිනය පත්වී ඇති බවයි.

එරට අදාළ කාලසීමාව තුල සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියන 1.8 ක්.

2015 වසරේදී ලොව පුරා රටවලින් වායු දුෂණය මෙන්ම ජල අපවිත්‍රතා හේතුවෙන් මරණ මිලියන 9 ක් වාර්තාවී ඇති අතර ඉන් සියයට 28 ක් සිදුව ඇත්තේ ඉන්දියාවෙන්.

පරිසර විද්‍යාඥ පිලිප් ලැන්ඩ‍්‍රිගෑන් ද එක්වී සිදු කළ සමීක්ෂණයට තවත් ජාත්‍යන්තර සෞඛ්‍ය සහ පරිසරය සම්බන්ධ බලධාරීන් 40 දෙනෙකු එක්වී තිබෙනවා.

2015 වසරේ සිදුවු මරණ අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත්තේ ද වායු දුෂණය හේතුවෙන් සිදුවු මරණයි.

ජනගහණය වැඩි රටවල් 10ක් අතරින් 2015 වසරේදී වායු දුෂණය මෙන්ම ජල දුෂණය ඇතුලු කරුණු හේතුවෙන් සිදුවු මරණ ප්‍රමාණය ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන්නේ බංග්ලාදේශයේ සහ ඉන්දියාවේයි.

කෙසේවෙතත් වායු දුෂණය හේතුවෙන් 2015 වසරේදී බංග්ලාදේශයේ සිදුව ඇත්තේ මරණ මිලියන 0.2 ක් පමණයි. චීනයේ වායු දුෂණය හමුවේ මියගිය සංඛ්‍යාව 2015 වසරේදී මිලියන 1.58 ක් ලෙසට සටහන් වනවා.

ඉන්දියාවේ අදාළ කාලසීමාව තුල එය සටහන් වන්නේ මිලියන 1.81 ක් ලෙසටයි.

කෙසේවෙත් ජල දුෂණය හේතුවෙන් චීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2015 වසරේදී 34000 ක් පමණක් වන අතර එය ඉන්දියාවේ මිලියන 0.64 ක් වනවා.

2015 වසර තුල ඉන්දියාවේ සිදුව ඇති සියලුම මරණ පිළිබඳ සලකා බැලීමේදී ද ඉන් සියයට 25 ක් සිදුව ඇත්තේ වායු දුෂණය හේතුවෙන්.

එමෙන්ම පකිස්ථානය / චීනය / බංග්ලාදේශය සහ කෙන්යාව යන රටවල සෑම මරණ 4 කින් එකක්ම සිදුව ඇත්තේ ද වායු දුෂණය හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories