ලබන 26 වනදා සෞඛ්‍ය වෘත්තින් කිහිපයක් සංකේත වර්ජනයක

Saturday, 21 October 2017 - 13:24

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+26+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
ලබන 26 වනදා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීන් කිහිපයක් එක්ව සංකේත වර්ජනයක නිරතවීමට සූදානම් වනවා.

හෙද නිලධාරීන්, පරිපූරක වෛද්‍යවරුන්, අතුරු වෛද්‍ය සේවාවේ නිලධාරීන් ඇතුලු තවත් වෘත්තීන් කිහිපයක් මෙම වර්ජනයට එක්වන බවයි සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය සේවාවේ ශ්‍රේණි ක්‍රමය තුළ අත්තනෝමතික වෙනස්වීම් සිදුකිරීම නිසා උග්‍ර වැටුප් විෂමතාවක් පවතින බවයි වෘත්තිය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කළද කිසිදු විසඳුමක් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories