මහානාහිමිවරුන් දිවයිනට වැඩම කළ පසු ව්‍යවස්ථාව ගැන පොදු ප්‍රකාශයක්

Saturday, 21 October 2017 - 18:33

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විදේශ ගතව සිටින මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් යළි මෙරටට වැඩම කිරීමෙන් අනතුරුව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබද පොදු තීරණය දැනුම්දෙන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය, ආණමඩුවේ ධම්මදස්සී හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ මහනුවර - වත්තේගම - පිටියේගෙදර රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.

‘‘ව්‍යවස්ථාව ගැන මම වැඩිපුර කතා කරන්න ගියෝතින් මෙතන ගැටලු ඇති වෙනවා. මහානායක මාහිමිපාණන් දෙනම මේ වෙනකොට විදේශ ගත වෙලා ඉන්නවා. උන්වහන්සේ වැඩිය හැටියෙ සංඝ සභා දෙකත් එක්ක සාකච්ඡා කරලා පොදු අදහස කියනවා. එකක් කියන්නට ඕනේ, විග්නේෂ්වරන් මහ ඇමතිතුමා මහා විහාර දෙකටම පැමිණියා. එතුමා අපිත් සමඟ ප්‍රකාශ කරනවා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට කුඩම්මාගේ සැලකිලි වගේ තත්ත්වයක් තියෙනවා කියලා. ඒ කාරණය රජයට අපි කියන්නම් කියලා අපි ප්‍රසිද්ධියේ එදා කිව්වා. ඔන්න අද මම ප්‍රසිද්ධියේම කිව්වා. දෙවැනි කාරණය එතුමා සඳහන් කළා බෙල්ජියම වැනි රටවල්වල ඒකීය රාජ්‍යයක් තුළ ෆෙඩරල් පාලනය සාර්ථකව සිද්ධ වෙනවා, ඒ නිසා අපිට ෆෙඩරල් ක්‍රමය ඕනෑ කියලා කිව්වා. ඒකට නම් අපි එකඟ වෙන්න බැහැ කියලාම ඒ වෙලාවේ කිව්වා. ඒ විතරක් නෙමෙයි ඊයේ පෙරේදා මම දැක්කේ මාධ්‍යවල තියෙනවා මම මේ ජාතිවාදීල ආගමික වාදී කතාවක් නෙමෙයි කියන්නේ. විග්නේෂ්වරන් මහ අමාත්‍යතුමා මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කියන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. දේවානම්පියතිස්ස මහ රජතුමාත් දෙමළ බෞද්ධයෙක් යැයි කියලා කියන තරමට එතුමා නිකුත් කරලා නම් තියෙනවා. ඒවා ඉතින් හරි ගැටලු, ආගම සම්බන්ධයෙන් ඒ රටේ තියෙන ප්‍රමුඛ ආගම් ප්‍රධාන ජාතීන්ගේ සුරක්ෂිත බව ඒ අයුරින් ආරක්ෂා කර දෙමින් අනෙක් ජාතික හා ආගමික පිරිසට නිසි තැන ප්‍රමුඛ තැන දෙන්නට බැහැ. ලෝකයේ ඒක කවදාවත් ඇති කරන්නට බැහැග මේක සිංහල බෞද්ධ රටක් නිසා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කිරීම රජයේ වගකීමක් ’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories