බලය බෙදීම ජනතාව වෙනුවෙන් බව ජනපති කියයි

Saturday, 21 October 2017 - 18:39

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලය බෙදීම ජනතාව සදහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ සදහා එරෙහි වන පාර්ශවයන් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන බව සදහන් කළ ජනාධිපතිවරයා ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධාන කරන නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහනේ වව්නියාව දිස්ත්‍රික් සමාප්ති උත්සවය අද අමතමින්.

‘‘ අපි රජයක් ලෙස බොහොම පැහැදිලි ලෙස රටේ ජනතාවට කියලා තියෙනවා මේ රට කැඩෙන්නේ නැති බෙදෙන්නේ නැති විසඳුමකට යන්න ඕන බලය බෙදීම සම්බන්ධයෙන් කියලා. මේ කාරණාව කියනවිට සමහර අය සත්‍ය කතා කරනවා වගේම සමහර අය අසත්‍ය ප්‍රකාශ කරනවා. දකුණේ ජනතාව නොමග යවන්න වැරදි ප්‍රචාර කරනවා. බලය බෙදීම දේශපාලනඥයින් සඳහා නොව බලය බෙදීම ජනතාව සඳහා විය යුතුයි. ඒ නිසා මේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දුන්නේ නැත්නම් මේ රටේ අනාගතයේ ඇතිවන ප්‍රශ්නවලට ඒගොල්ලෝ වගකියන්න ඕන. විවේචණය කරන්න පුළුවන්, විරෝධතා කරන්න පුළුවන් නමුත් විසඳුමක් දෙන්න ඒගොල්ලන් ගාව කිසිදු යෝජනාවක් නැහැ. මේ විරෝධතා කරන සියලුදෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා ඒගොල්ලෝ විරුද්ධනම් අපි ඉදිරිපත් කරන යෝජනාවලට දේශපාලන ප්‍රතිසංස්කරණවලට ඒගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නයි කියලා. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා කෙටුම්පත් කරලා නැහැ. අඩු වශයෙන්ම දළ කෙටුම්පතක්වත් හදලා නැහැ. එක් එක් දේශපාලන පක්ෂවල මතය සහ අදහස් ඉදිරිපත් කරපු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට. ඒ වාර්තාවේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. සුදුසු නැති දේවල් තිබෙනවානම් ඉවත් කරන්න පුළුවන්. නමුත් එහි තිබෙන දේවල්වලට වඩා බොරු අසත්‍ය ප්‍රචාරයන් ප්‍රචාරය කරනවා අන්තවාදී පිරිස්. මම අද කොළඹ ඉඳලා වව්නියාවේ එනකොට ඉරිදා පත්තර ඔක්කොම කියවගෙන ආවේග මොන තරම් මේ පත්තරවල බොරු ලියනවාද කියලා අපිට පේනවා. මේ පත්තරවල තිබෙන බොරු උදේට ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් මේ රටේ ජනතාවට ඒ අයතන කියනවාග එතකොටට ඒ අය කියවන්නේ පැහැදිලිවම ජනතාව නොමඟ යවන්න බොරුයි කියලා මම පැහැදිලිව කියනවා. අපි මාද්‍යයට නිදහස දීලා තියෙනවා අද තියෙන ප්‍රශ්නය තමයි දීලා තියෙන මාධ්‍ය නිදහසත් එක්ක පත්තරේක පිටු 25 ක් තියෙනවානම් 25 ම ආණ්ඩුවට විරුද්ධව තමයි ලියන්නේග පිටු 25 ම ලිව්වට කමක් නෑ ඇත්ත ලියනවානම්. මේවා පිටුපස්සේ ඉන්නේ ආණ්ඩු විරෝධී දේශපාලනඥයෝ. ජාතිවාදය අවුස්සලා දේශපාලන බලය ලබාගන්නයි උත්සාහ කරන්නේ. නමුත් ඒගොල්ලන්ට මම පැහැදිලිව කියනවා ඒ පාපකාරී දේ කරන්න එපා’’

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කෙටුම්පතක් හෝ මෙතෙක් සකස් කර නොමැති බවයි.

මේ අතර උත්සවයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ නිවසට ගොස් ඥාතින්ගේ සුවදුක් විමසුවා.

එහිදී විද්‍යා දැරියගේ සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලට ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බවටද ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories