දකුණු දිග අහසේදී පෙරේදා රාත්‍රියේ පුපුරාගිය උල්කාශ්මයේ කොටසක් දික්වැල්ල ප්‍රදේශයේ නිවසකින් හමුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කොළඹ විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් දෙකක් පිටත් කර යවා තිබෙනවා.
එහි භෞතික විද්‍යා අංශයේ, තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ එය උල්කාශ්මයේම කොටසක්දැයි තහවුරු කර ගැනීම සදහා මෙම කණ්ඩායම් දෙක පිටත්ව ගිය බවයි.
ඊට අමතරව, මෙම ආගන්තුක පාෂාණ කොටස සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම සදහා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජිතයින් පිරිසක් ද එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.
දික්වැල්ල - වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලයක් මත තිබී මෙම ආගන්තුක පාෂාණ කොටස සොයා ගැනීමත් සමග එම නිවසට මේ වනවිට පොලිස් ආරක්ෂාව ද ලබාදී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
නිවසේ හිමිකරු සදහන් කළේ මෙම සිදුවීම සිදුවූ දින රාත්‍රීයේ නිවසේ වහලය මතට යමක් වැටෙන ශබ්දයක් ඇසුණ බවයි.
ඒ පිළිබඳව අද (21) පෙරවරුවේ වහලයට නැග පරීක්ෂා කිරීමේදී අගල් එකහමාරක පමණ මෙම ආගන්තුක පාෂාණ කොටස හමුවූ බවයි ඔහු කියා සිටියේ.

Follow US
Most Viewed Stories