හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන රිය අනතුරකින් සුලු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ඊයේ රාත්‍රී 10.30 ට පමණ අනතුර සිදුව ඇත්තේ අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ කොස්ගම හංදිය ආසන්නයේදීයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කෙරුනු බවයි පොලිසිය කියාසිටියේ.
ගීතාංජන ගුණවර්ධන මහතා ගමන් ගත් මෝටර් රථයේ තවත් මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
හිටපු නියෝජ්‍ය අමාථ්යවරයාගේ රථයේ ගැටුනු අනෙක් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා පාර්සල් 2 ක් ද හමුවී ඇති අතර ඒවායෙහි බර කිලෝ 4 ක් පමණ වන බව සඳහන්.
එම මෝටර් රථයේ ගමන් කළ අවුරුදු 28 සහ 31 වයස්වල සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තල්දුව සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියාසිටියේ.
සැකකරුවන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories