රිය අනතුරු දෙකකින් 4 ක් මරුට

Sunday, 22 October 2017 - 7:30

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ප්‍රදේශ දෙකක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එක් අනතුරක් ඊයේ පස්වරු 2.50 ට පමණ සිදුව ඇත්තේ කටුනායක අධිවේගී මාර්ගයේදීයි.

කටුනායක දෙසට ගමන් කළ මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ වම්පසට ඇදී ගොස් තණකොල කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු හා ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු කම්කරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මරණයට පත්වුයේ ජාඇල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 සහ 55 යන වයස්වල පසුවු දෙදෙනෙක්.

මළ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෝටර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මීරිගම දිවුලපිටිය මාර්ගයේ කිතුල්වල ප්‍රදේශයේ ඊයේ සවස සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නවතා තිබු ලොරියක යතුරුපැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

යතුරුපැදිය පැදවු අවුරුදු 22 ක තරුණයා මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇති අතර පසුපැදිකරු වු 17 හැවිරිදි තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories