ජපානය අද මහමැතිවරණයට මුහුණ දෙනවා.
ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විටත් ආරම්භ වී ඇති අතර, මිලියන සංඛ්‍යාත ජපන් ජාතිකයන් ඡන්දපොළ වෙත ඇදෙමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනයට දැඩි ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් යළි ජනප්‍රියතාව ගොඩනගා ගත් අගමැති ෂින්සෝ අබේ මෙම මහමැතිවරණය ප්‍රකාශයට පත් කළේ මීට මාසයකට පෙරයි.
ජපානය මුහුණ දෙන ජාතික අර්බුදය හමුවේ නව ජනතා වරමක් අවශ්‍ය බව හදිසි මැතිවරණය ප්‍රකාශයට පත් කරමින් ඔහු පසුගිය සැප්තැම්බර් 25 වන දා සඳහන් කළා. මැතිවරණයෙන් ෂින්සෝ අබේගේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය පැහැදිලි ජයග්‍රහණයක් ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එසේ වුවහොත් ෂින්සෝ අබේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ දීර්ඝතම කාලයක් පාලන බලය හෙබවූ අග්‍රාමාත්‍යවරයා බවට පත්වනු ඇති.

Follow US
Most Viewed Stories