වත්තල පෞද්ගලික ආයතනයක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 22 October 2017 - 11:06

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වත්තල - හේකිත්ත මංසන්ධියේ පිහිටි පෞද්ගලික ආයතනයකට ඇතුළු වී එහි තිබූ දේපළ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝට්ටේ, සීදුව සහ මූනමල්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් වයස අවුරුදු 34ත්, 65ත් අතර වයස්වල පසුවන්නන්.

ඔවුන් එම ආයතනයෙන් සොරකම් කළ ලැප්ටොප් යන්ත්‍ර 7ක්, රූපවාහිනී 4ක්, ජංගම දුරකථන 6ක් ඇතුළු විදුලි උපකරණ පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සැකකරුවන් ඊයේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories