උතුරු කොරියාව සමග පවතින උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීමේ අරමුණින් එහි සංචාරය කිරීමට තමන් සූදානම් බව හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් පවසනවා.
1977 වසරේ සිට 1981 දක්වා ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ඩිමොක්රටික් පාක්ෂික ජිමී කාටර් මේ සම්බන්ධයෙන් ට්රම්ප් පරිපාලනයේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් ජෙනරාල් මැක්මස්ටර් වෙතද දැනුම්දීමක් කර ඇති බව සඳහන්.
1990 දශකයේ මැද භාගයේදීද ජිමී කාටර් උතුරු කොරියාවේ සංචාරය කරමින් එවකට එරට නායකයා වූ කිම් ඉල් සුං සමග එකඟතාවකට එළඹුනා.
ජනාධිපති ට්රම්ප් වෙනුවෙන් කිම් ඉල් සුං ගේ මුණුබුරා වන වත්මන් නායක කිම් ජොං අන් මුණ ගැසීමට තමන් සූදානම් බවයි 93 හැවිරිදි හිටපු ජනාධිපති ජිමී කාටර් පවසා ඇත්තේ.
කෙසේ නමුත් ඒ සඳහා ට්රම්ප් පරිපාලනයෙන් මෙතෙක් සුබවාදී පිළිතුරක් ලැබී නොමැති බව ඔහු නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ප්රකාශ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories