සයිටම් ගැන රජයේ තීන්දුව මේ සතියේ

Monday, 23 October 2017 - 7:30

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන තීන්දුව මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවයි.  

එමෙන්ම උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙම සතිය තුළදී ජනාධිපතිවරයා සයිටම් ගැටළුවට විසඳුමක් ලබාදීමට පියවර ගනු ඇති බවයි.

මේ අතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ලබාදෙන විසඳුම පිළිගත හැකි මට්ටමක නොපැවතියහොත් ඊට එරෙහිව දෙමාපියන් 250 දෙනෙකු මාරාන්තික උපවාසයක්  ආරම්භ කරන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා.

සයිටම් දෙමාපිය සංසදය සහ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කොළඹදී ඊයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.  

මේ අතර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පසුගිය 17 වනදා දින නියමයක් නොමැතිව වසා දැමුණු කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨය විවෘත කරන දිනය සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව එහි පාලනාධිකාරිය ප්‍රකාශ කළා.
 


 
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories