පවුල් ආරවුල දුරදිග යාමෙන් සැමියා බිරිඳගේ දෙඅත් කපා දමයි

Monday, 23 October 2017 - 7:40

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ඌවපරණගම, ගලහගම අම්බලම හන්දියේ අඹුසැමි යුවළක්‌ අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳගේ දෙඅත් කපා බරපතළ තුවාල සිදුකළ පුවතක් වාර්තා වනවා.
 
 ඊයේ (22) පෙරවරුවේ මෙම සිදුවූවීම සිදුව ඇති අතර මෙම සිද්ධියේදී කැපුම් තුවාල ලබා ඇත්තේ ඒ. සී. අනුලාවතී නමැති 27 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තාවන්නේ.

බරපතළ කැපුම් තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර එක්කකයේ ප්‍රතිකාර ලබන බවයි අඹගස්දෝව පොලිසිය සඳහන් කළේ.

සිදුවූවීමෙන් පසු සැකකාර සැමියා  සැඟව ඇති අතර ඔහු සොයා අඹගස්දෝව පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories