මාවනැල්ල ලැගුම්හලක පුද්ගලයෙකු ගෙළ වැලළාගනී

Monday, 23 October 2017 - 11:21

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට මා ඔය දෙසට වන්නට ඇති ලැගුම් හලේ කාමරයක් කුළියට ගත් පුද්ගලයෙකු එම කාමරය තුළදි සිය දිවි හානි කර ගැනිමේ පුවතක් මාවනැල්ල පොලිසියට ඊයේ( 22) වාර්තා වී තිබෙනවා.

මෙලෙස දිවි හානි කර ගෙන ඇත්තේ වයස අවුරුදු 50 ක් වන ද්‍රවිඩ ජාතිකයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා සිය දිවි හානි කර ගෙන තිබුණේ එම හෝටලයේ 4 වැනි තට්ටුවේ 3 වැනි කාමරය තුලයි.

මෙම ද්‍රවිඩ ජාතිකයා ඊට පෙර දිනයේ මෙම හෝටලයට පැමිණ කාමරයක් රැගෙන එහි තනිවම සිට ඇත්තේ පසුදා හෝටලයෙන් යන බව පවසමින්.

නමුත් සිය කාමරයේ නවාතැන් ගත් පුද්ගලයාගෙන් කිසිදු හොඩුවාවක් එම හෝටලයේ සේවකයන්ට නොලැබුණු හෙයින් ඔවුන් කිහිප දෙනෙකු ගොස් වසා තිබු කාමරය විවෘත කරන ලෙස එම පුද්ගලයාට දන්වා ඇත්තේ 22 දින පස්වරුවේ.

නමුත් ඔහුගෙන් හෝටල් සේවකයන්ට කිසිදු උත්තරයක් නොලැබුණු අතර එයින් සැකයට පත් සේවකයන් දොර කඩා විපරම් කරන විට දැක ඇත්තේ එම කාමරයේ සිවිලිම් විදුලි පංකාවේ සිය ගෙල වැලදාගෙන මිය ගිය ද්‍රවිඩ පුද්ගලයායි.

පසුව මෙ බව මාවනැල්ල පොලිසියට දැන්විමෙන් පසුව එහි පැමිණි පොලිසිය මෙ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලිමක් සිදු කර ඇති අතර ඔහුගේ ගමන් මල්ලේ තිබු රියදුරු බලපත්‍රයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

එහි සඳහන් හැටියට ඔහුගේ නම මුල්ලිදරන් ලෙසත් එම පුද්ගලයා හැදැල වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙසට හදුනා ගෙන තිබෙනවා.

පොලිසිය මෙ වන විට එම ලිපිනයේ ඔහුගේ නිවසියන්ට මෙ මරණය සම්බන්ධයෙන් දැනුම් දිමට අවශ්‍ය කටයුතු සලස්වා ඇති අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද( 23) පැවැත්විමට කටයුතු යොදා ඇති බව මාවනැල්ල පොලිසිය පවසනවා.

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඩි.ඩි නිලංගගේ උපදෙස් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරික්ෂණ තවදුරටත් පැවැත්වෙන බව මාවනැල්ල පොලිසිය සඳහන් කළා.

හෙම්මාතගම- සමන් විජය බංඩාර සහ මාවනැල්ල- ප්‍රදීප් බංඩාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories