පුලතිසිපුර විද්‍යා පීඨ සිසුවියන් අතර, ගැටුම පිළිබඳ පරීක්ෂණයක් (ඡායාරූප)

Tuesday, 24 October 2017 - 13:25

%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව - පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පළමු වසරේ සහ දෙවන වසරේ සිසුවියන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විද්‍යා පීඨයේ ශිෂ්‍ය භෝජනාගාරයේ ඊයේ රාත්‍රියේදී ඇති වූ  බහින්බස්වීමක් දුරදිග යාම මෙම ගැටුමට මුල් වී ඇති බව සඳහන්.

ගැටුමෙන් සිසුවියන්ට හෝ විද්‍යා පීඨයේ දේපළවලට දැඩි හානියක් සිදුවී නොමැති අතර, එම අවස්ථාවේදීම පොලීසිය මැදිහත් වී ගැටුම සමථයකට පත් කෙරුණු බවයි පොලීසිය සදහන් කළේ.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය මෙම ගැටුම සම්බන්ධයෙන් එහි පීඨාධිපති කේ.ඒ. ගුණපාලගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ගැටුමට හේතුව සහ සිද්ධියට සම්බන්ධ සිසුවියන් පිළිබද මේ වනවිට තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.




ඡායාරූප - මින්නේරිය, රොෂාන් තුෂාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories