වනාන්තර විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි

Tuesday, 24 October 2017 - 14:10

%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
වනාන්තර විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, අද කොළඹ - බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසි වාරයට එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළේ පරිසර සංරක්ෂණයට අදාළව කටයුතු කරන රාජ්‍ය ආයතනවලට විශේෂ පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම විද්වතුන්, පර්යේෂකයින් ඇතුළු සියළු දෙනාගේම සහය, පරිසර සංරක්ෂණය හා වනාන්තර ආරක්ෂාව පිළිබදව ගෙන යන වැඩසටහනට අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.

 ‘‘වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව මම යොදවලා තිබෙනවා පොලිසියත් සමඟ. නාවික හමුදාවට මම උපදෙස් දී තිබෙනවා දූපත් රාජ්‍යයක් විදිහට අපේ රටේ මුහුදෙන්ල අපේ ගස් වනාන්තර කපලා ජාවාරම්කාරයින් පිට කරනවා නම් ඒවා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිය ක්‍රියාමාර්ගයට පොලිසිය සමඟ එක්ව කටයුතු කරන්න. ඒ වගේම යුද හමුදාවට උපදෙස් දීලා තියෙනවා පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ වන විනාශයන් කරනවා නම් ඒවා සඳහා අවශ්‍ය සහයෝගයන් ලබාදෙන්න. ගුවන් හමුදාවට උපදෙස් දීලා තියෙනවා චන්ද්‍රිකා මගින් වනාන්තර ප්‍රදේශ විමර්ශනය කිරීම කරනවා වගේම  සතියකට සැරයක් අපි ගුවන් යානා මගින් හෙලිකොප්ටර් යානාවලින් අපේ රටේ වනාන්තර තියෙන ප්‍රදේශ විමර්ශනය කරනවා වන විනාශයන් සිදුකරනවාද කියන එක. ඒ වගේම ගුවන් හමුදාව සහ අනෙකුත් ආයතන සති දෙකකට වරක් මට වාර්තාවක් සපයනවා වනාන්තර යම් කිසි ප්‍රදේශයක විනාශ වෙනවා නම්, ඒ අනුව ඒ වාර්තා පදනම් කරගෙන පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ආයතන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දීලා තියෙනවා. වනය විනාශ කරනල කැලය විනාශ කරන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට විරුද්ධව දැඩි නීති රීති ක්‍රියාත්මක කරනවා’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories