දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරිහු අද (24) දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුනා.
එම අවස්ථාව වන විට දකුණු පළාත් සභාවේ මාසික රැස්විම දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොදගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභාවේදී පැවැත්වෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.
රැකියා විරහිත උපාධිධාරිහු 60 කට ආසන්න පිරිසක් පළාත් සභාව ඉදිරිපිට ප්‍රධාන දොරටුව අබියස දොරටුව අවහිර කරමින් සටන් පාඨ කියමින් පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් මෙසේ උද්ඝෝෂණයක නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන්ගේ ඉල්ලීම වුයේ දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීමේ දී වයස අවුරුදු 35 සීමාව නොසලකා හරින ලෙසයි.
"අමාරුවෙන් ඉගෙන ගත්තේ කඩේ යන්න නෙවෙයි, ගුරු විභාගේ සමත් වුනා, ඩී.ඕ. එක සමත් වුනා, ඒත් අපි තාම පාරේ. "යන විරෝධතා කියමින් ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූ අතර පැයකට වැඩි කාලයක් මෙසේ උදඝෝෂණයේ නිරත වීමෙන් පසු පළාත් ඇමතිවරයා හමුවීමට පිරිසකට අවස්ථාව ලැබූ අතර ඒ අනුව උද්ඝෝෂණය අවසන් වුණා.
ඡායාරූප - හිනිදුම, රවීන්ද්‍ර චන්ද්‍රලාල්

Follow US
Most Viewed Stories