දිවුලපිටියේ සිද්ධියට අත්අඩංගුවට ගත් බස්නාහිර මන්ත්‍රී, බිරිඳ ඇතුලු 9 දෙනා රිමාන්ඩ්

Tuesday, 24 October 2017 - 17:15

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%2C+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
දිවුලපිටිය - හේන්පිටගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී අත්අඩංගුවට පත්වූ එක්සත් ජාතික පක්ෂ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ ඇතුලූ සැකකරුවන් අටදෙනා නොවැම්බර් 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ දිනයේ සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී එක් අයෙකු මියගිය අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. මියගිය මිනුවන්ගොඩ - නිල්පනාගොඩ පදිංචි 35 හැවිරිදි නාවලගේ කුෂාන් තක්ෂිල කුරේ නැමති පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත ගෙන රැගෙන එනු ලැබූ අතර, එහිදී ඔහුගේ පියා ප්‍රකාශ කළේ පුතුගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

මෙම සැකකරුවන් ඊයේ දිනයේ හේන්පිටගෙදර ප්‍රදේශයේ සැරිසරා ඇත්තේ කිසියම් කණ්ඩායමක් විසින් ලබාගත් නිධානයක් කොල්ලකෑමේ අරමුණින් බව මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔවුන් අදාළ ස්ථානයට වෑන් රථයකින්, ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ ඇති බවත්, එලෙස පැමිණි අයගෙන් සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇති බවත්, අනාවරණ වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ඉන් එක් සැකකරුවෙකු කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා පාතාල කල්ලි නායක සමයං ඇතුලූ පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවද සඳහන්.

සැකකරුවන් අතර සිටි පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූගේ නිවස පරීක්ෂා කළ පොලීසිය එහි තිබී ජීව උණ්ඩ 100 ක්, කඩුවක්, කිනිස්සක් සහ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 65 ක් ද සොයාගත්තා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ඉන්දීය ජාතික කාන්තාවක් වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇය මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories