ශ්‍රී ලංකා කටාර් ව්‍යාපාරික හමුවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Wednesday, 25 October 2017 - 13:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
දෙදින නිල සංචාරයක් සදහා කටාර් රාජ්‍ය වෙත පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ රාත්‍රියේ දෝහා නගරයේ හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලින් එරටට ළගා වුණා.

කටාර් රාජ්‍යයේ ආර්ථික හා වෙළද කටයුතු අමාත්‍ය ෂෙයික් අහමඩ් බින් ජසිමි මොහොමඩ් අල්තානි ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් එහිදී ජනාධිපතිවරයා පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

අනතුරුව ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේ සංවිධාන කර තිබූ විශේෂ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා එක්ව තිබෙනවා.

කටාර් රාජ්‍යයේ රජු වන තමීන් බින් අහමඩ් අල්තානි ගේ ආරාධනාවකට අනුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි සංචාරය කරන්නේ.

සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා කටාර් රජු සහ එරට අගමැතිවරයා සමග ද්වීපාර්ශවික සාකච්ඡාද පවත්වනු ඇති.

ශ්‍රී ලංකා - කටාර් ව්‍යාපාරික හමුවකට අද පස්වරුවේ ජනාධිපතිවරයා එක්වීමට නියමිත අතර, කටාර් ඉස්ලාමීය කෞතුකාගාරය ද නැරඹීමට ජනාධිපතිවරයා සහභාගි වනවා.

එමෙන්ම, මෙම සංචාරයේදී කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories