විදේශ ගතවීමට අර්ජුන් ඇලෝසියස් කළ ඉල්ලීමක් අධිකරණය ඉවත දමයි

Wednesday, 25 October 2017 - 14:20

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
සිංගප්පූරුවේ සංචාරයක නිරත වීම සඳහා අවසර ලබාදෙන ලෙස පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් කළ ඉල්ලීමක් කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (25) ප්‍රතික්ෂේප කළා.

නීතිඥයෙකු මාර්ගයෙන් මෝසමක් ගොනුකරමින්  අර්ජුන් ඇලෝසියස් මෙම ඉල්ලීම සිදුකර තිබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර තිබීමත්, අර්ජුන් ඇලෝසියස් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොතිබීමත් යන කරුණු සලකා කොළඹ - කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධානීන් සිව් දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 02 වනදා නියෝගයක් නිකුත් කළා.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන, ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදු සහ සමාගමේ ප්‍රධාන තාක්ෂණික විධායක නිළධාරී සචින් දේවතන්ත්‍රි ඊට ඇතුළත්.

බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති හෙයින් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධානීන්ට රටින් පිටවිය හැකි බැවින් එය තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.

මේ අතර තම මූලික අයිතිවාසිකම් කඩවන අයුරින් බැඳුම්කර කොමිසම සාක්ෂි ලබාගත් බව පවසමින් ප්‍රාථමික ගැනුම්කරුවෙකු වන එස්. පදුමනාදන් නැමත්තා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ගොනු කළා.

එමඟින් කොමිසමේ විනිසුරුවරුන් තුන්දෙනා ඇතුලූ 20 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories