ප්‍රමිතිය ගැන තීරණය වෙනස් නොකරන්න වෛද්‍ය සභාව තීන්දු කරයි

Wednesday, 25 October 2017 - 15:56

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතින් ඇතුළත් කරමින් සකස් කළ වාර්තාවේ වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද තීරණය කළා.

අද පැවති විශේෂ වෛද්‍ය සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න ප්‍රකාශ කළේ ආණ්ඩුවේ තීරණය සම්බන්ධයෙන් යම් වැරැද්දක් ඇත්නම් ඒ පිළිබඳ පෙන්වාදීමට පමණක් තමන්ට හැකියාව පවතින බවයි.

වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතින් ඇතුළත් කරමින් වෛද්‍ය සභාව වාර්තාවක් සකස් කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදියි.

පසුව ඔවුන් එම වාර්තාව ගැසට් කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කළ අතර එහි ඇතුළත් ඇතැම් කරුණු සංශෝධනය කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව, නිතීපති දෙපාර්තමේන්තුව, වෛද්‍ය සභාවට යෝජනා කර තිබුණා.

එම යෝජනාවලින් ඇතැම් ඒවා සංශෝධනය කර වෛද්‍ය සභාව යෝජනාවලියක් සකස් කළ අතර එය යළි නිතීපති දෙපාර්තමේන්තුවට යොමු කෙරුණේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් එම කරුණු යළි සංශෝධනයට ලක් නොකිරීමට වෛද්‍ය සභාව අද තීරණය කළා.

ඒ අනුව වෛද්‍ය විද්‍යාලයකට සිසුවෙකු ඇතුළත් කර ගන්නා උසස් පෙළ අවම සුදුසුකම වන සම්මාන සමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් තිබීම ද එලෙසම පවතිනු ඇති.

එමෙන්ම වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරිමේදී තිබිය යුතු අවම නිර්නායක අවසන් වාර්තාවට ඇතුළත් කර ඇති අතර එම වාර්තාව ඉදිරියේදී ගැසට් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කිරීමට නියමිතයි.

මෙම විශේෂ රැස්වීමට පෙර වෛද්‍ය සභාවේ නියෝජිතයින්, වෛද්‍යපීඨ ආචාර්යවරුන්, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සහ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

එසේම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ද වෛද්‍ය සභාව ඉදිරිපිට අද දහවල් විරෝධතාවයක නිරත වුණේ වෛද්‍ය සභාව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂපාතී වන අයුරින් අවම ප්‍රමිතීන් සකස් කරමින් සිටින බවට චෝදනා කරමින්.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙහිදී සයිටම් ආයතනය අහෝසි නොකරන බවයි.

කෙසේ වෙතත්, තමන් සෞඛ්‍ය ඇමතිවරයානම් මේ වනවිට සයිටම් ආයතනය ලියාපදිංචි කර අවසන් බවයි කොළඹ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වම්න් අමාත්‍ය එස්.බී. දිසානායක කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories