ශලීල මුණසිංහ ඇතුලු සැකකරුවන් යළි රිමාන්ඩ්

Wednesday, 25 October 2017 - 16:15

%E0%B7%81%E0%B6%BD%E0%B7%93%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ මුදල් කොල්ලයට අදාළව අත්අඩංගුවට ගත් ශලීල මුණසිංහ ඇතුලු සැකකරුවන් 4 දෙනා ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නයි නියෝගය ලබාදුන්නේ.

තායිවානයේ ෆා - ඊස්ටන් බැංකුවේ පරිඝණක පද්ධතියට අනවසරයෙන් ඇතුලූ වී ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ බැංකුවෙන් මෙරටට ප්‍රේෂණය කළ බව කියන රුපියල් ලක්ෂ 300ක මුදලින් ලක්ෂ 210ක් මේ වනවිටත් සොයාගෙන ඇති බවයි.

සැකකරුවන් ගිණුම් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකුවල වාර්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස මෙහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය අදාළ බැංකුවල හිමිකරුවන්ට නියෝග කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories