සමෘද්ධිමත්, යහපත් රටක් - ජනපති කටාර් හිදී කියයි

Thursday, 26 October 2017 - 12:50

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කුමන අභියෝග සහ බාධක හමුවේ වුවද සමෘද්ධිමත්, යහපත් රටක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දෝහා නගරයේදී ඊයේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදියි.

රට තුළ තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සමග ඇතැම් අන්තර්ජාල සහ වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රචාරයන් පිළිබඳවද අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ දකින ශ්‍රී ලංකාව සැබෑ ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් වෙනස් බවයි.

ඇතැම් පිරිස් ඒ ඔස්සේ මාතෘ භූමියේ සැබෑ ප්‍රතිරූපය විකෘති කිරීමට උත්සහ දරමින් සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කියා සිටියා.

එමෙන්ම රට තුල ගුණාත්මක දේශපාලන පරිසරයක් නිර්මාණය කර තිබෙන අතර, යහපාලන සංකල්පය යටතේ සමාජ ආර්ථික වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ඇතැම් පාර්ශව සිදුකරන වැරදි ප්‍රචාරයන් පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනුම්කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories