රාජිත ගැන එස්.බී. කථා කරයි

Thursday, 26 October 2017 - 13:02

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැඩි නියෝගයක් ලබා දුන්නේ නම් එම ගැටඵව මේ වන විට විසදී ඇති බව සමාජ සවි බලගැන්විම්, සුභසාධන සහ කන්ද උඩරට සංවර්ධන කටයුතු අමාත්‍ය එස්. බී. දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සීදුව ප්‍රදේශයේ අද පැවති උත්සවකට එක්වෙමින්.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වෛද්‍ය සභාවද පිළිගෙන ඇති අතර, එය ඉටුකිරීමට රජය පියවර ගත යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories