මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකු බදුල්ලේදී අත්අඩංගුවට

Thursday, 26 October 2017 - 13:05

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකු සුඛෝපභෝගී ජීප් රථයක්ද සමග බදුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 10 ක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ජාවාරම්කරුවන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් ජාවාරම සිදුකර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මොවුන් තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් පාසල් ආශ්‍රිතව මත්කුඩු අලෙවියේ යෙදුණු බවට ලැබී ඇති තොරතුරුවලට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories