නව නාවික හමුදාපති වැඩ භාර ගනී

Thursday, 26 October 2017 - 16:55

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මුහුදෙන් එල්ල විය හැකි සියලූ තර්ජන වලින් රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස්. රණසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාපති වශයෙන් අද දිනයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

මව්බිමේ ස්වෛරීභාවයත්, භෞමික අඛන්ඩතාවයත් ස්වාධිපත්‍යයත් ආරක්ෂා කිරීමේ වගකීම අධිෂ්ඨාන පූර්වකව ඉටු කිරීම සදහා ඉදිරියටත් නාවික හමුදාව නිවැරදි ලෙස මෙහෙයවන බව ඔහු එමගින් ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories