අනුරාධපුර අනතුරකින් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Friday, 27 October 2017 - 7:45

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A++%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අනුරාධපුර - බුලන්කුලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක්  ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බුලන්කුලම ප්‍රදේශයේදී නීති විරෝධීව මස් පිණිස ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියකින් ගමන් ගත් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ඊයේ (26) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

පොලිස් කැබ් රථයක් ලොරි රථය පසුපස ලුහුබැද ඇති අතර ලොරිය අධික වේගයෙන් ධාවනය කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එක් තරුණියක් අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් තරුණිය මියගියේ  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ඊයේ (26) පෙරවරුවේ රැකියා ස්ථාන බලා පිටත්ව යන අතරතුරයි.

කෝපයට පත් ප්‍රදේශවාසීන් ලොරි රථ රියදුරුට පහර දී ඇති අතර පොලිසිය පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පහර කෑමට ලක්වූ රියදුරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර අනුරාධපුර පොලිසිය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ එම ලොරි රථය හඹාගිය   පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ නොච්චියාගම - ගාල දිවුල්වැව - රෙනොරාව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයකොඩි ආරච්චිගේ ජයනි ස්වේත නැමති  32 හැවිරිදි තරුණිය සහ සමාධි නවෝද්‍ය නැමති 29 හැවිරිදි තරුණියයි.

ඔවුන් දෙදෙනාම උපාධිධාරියන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories