නව ව්‍යවස්ථාව ගැන තීරණයකට දෙමළ සන්ධානය රැස්වේ

Saturday, 28 October 2017 - 12:47

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පිළිබඳව අවසන් තීරණයකට එළඹීම මෙහිදී සිදුවනු ඇති බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ්. හෙවත් ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සංවිධානය සහ ප්ලොට් සංවිධානය ආදී හවුල්කාර පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් මෙම සාකච්ඡාව සඳහා සහභාගිවීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාව පිළිබද විවාදය ලබන 30 වන දා සිට දින 3ක් පාර්ලිමේන්තුවේදී සිදුකෙරෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories