අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් - පළාත් කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

Sunday, 29 October 2017 - 7:42

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුර පළාත්වල මෙන්ම අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන්  වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම දිවයිනේ පළාත් කිහිපයක උදය කාලමේ මීදුම් තත්ත්වයක්ද දක්නට ලැබෙන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර සඳහන් කළා.

මේ අතර රත්නපුරය, මහනුවර, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රියේ පැනවූ නායයෑමේ අවදානම අද පස්වරු 8.30 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

පසුගිය පැය 24 ක කාලය තුළ මිලිමීටර 75 ඉක්මවූ වර්ෂාපතනය හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කළ බව සඳහන්. නායයෑම්, බෑවුම් කඩාවැටීම්, පස් කණ්ඩි කඩාවැටීම්, පොළොව ගිලා බැසීම් අවදානම් පිළිබඳව එම දිස්ත්‍රික්කවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි එම සංවිධානය ඉල්ලා සිටින්නේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories