කොස්ගොඩ ඝාතනය මෙහෙයවූ පාතාලයේ තාරුක, සමයං ඝාතන සිද්ධියට සම්බන්ධ බව හෙළිවේ

Monday, 30 October 2017 - 13:28

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%2C+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
කොස්ගොඩ සිව් පුද්ගල ඝාතනය මෙහෙයවූ කොස්ගොඩ තාරුක නැමැති පාතාල සාමාජිකයා කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා පාතාල නායක සමයං ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.

පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔහු ඇතුලු ඝාතන සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශද ඇතුලුව පොලිස් කණ්ඩායම් 8 ක් යොදවා ඇති බවයි.

කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන තුනකදී ඊයේ අලුයම සිදුවූ මෙම වෙඩි තැබීම්වලින් එකම පවුලේ පියා, පුතුන් දෙදෙනා ඇතුලු සිව්දෙනෙකු මියගියා.

වෙඩි තැබීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබූ අතර, ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මූලික පොලිස් පරික්ෂණවලදී හෙළිවූයේ කළක් තිස්සේ පවතින පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතන සිදුව ඇති බවයි.

මීට මාස කිහිපයකට පෙර කොස්ගොඩ තාරුක නැමති පාතාල කල්ලි නායකයාගේ සගයෙකු වන පාතාලයේ ලොකුවා නැමැත්තා වෙඩි තැබීමකින් මියගියා.  

ඊට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
rnrn



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories