අද දිනයේදී වැසි වැඩිවීමක්

Tuesday, 31 October 2017 - 6:55

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (31) දිනයේදී පවතින වැසි තත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ පළාත් වලට වැසි හෝ ඟිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පැය 24ක් තුළ මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇති විය හැකි බව සඳහන්.

එමෙන්ම පුත්තලමේ සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදේ පැයට කිලෝමීටර් 80 දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඟිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවේදී තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories