යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක්, අද දිවයිනට - ඕස්ට්‍රේලියානු අගමැතිත් අනිද්දා පැමිණේ

Tuesday, 31 October 2017 - 7:52

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

බ්‍රිතාන්‍යය නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජීන් - ලැම්බට්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිස රිචඩ් කෝබට්, උල්රිකේ මුලර් සහ වජීඩ් ඛාන් ද ඇතුළත්.

ඔවුන් දිවයිනට පැමිණෙන්නේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනයට අදාළව මෙරට පිළිපැදිය යුතු ජාත්‍යන්තර සම්මුතින් සහ ජාතික සංහිදියා වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබදව සොයා බැලීමටයි.

ලබන 3 වන දා තෙක් දිවයිනේ රැදී සිටින යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස හෙට දින උතුරේ සංචාරයක නිරත වනවා.

එහිදී ඔවුන් යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් උතුරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබදව ද සොයා බලනු ඇති.

නැවතත් කොළඹ දී අන්තර් පාර්ලිමේන්තු සංවාදයකට ද සහභාගි වන ඔවුන් සිවිල් සමාජ නියෝජිතයන් සමඟ ද සාකච්ඡාවල නිරත වන බවයි කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.

මේ අතර, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතාවල 70 වසර සැමරීම ද චාරිකාවේ තවත් අරමුණක්.

දෙරට අතර ආර්ථික සබඳතා සහ දේශසීමා හරහා ක්‍රියාත්මක මිනිස් ජාවාරම මැඬලීම පිළිබඳව ද ඔහු මෙරට බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories