පුද්ගලයින් 09 දෙනෙකුගේ සිරුරු කොටස් ජපානයේ නිවසකින් සොයා ගැනේ (ඡායාරූප)

Tuesday, 31 October 2017 - 12:22

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+09+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පුද්ගලයින් නව දෙනෙකුගේ, කැබලි වලට කපන ලද ශරිර කොටස් තම නිවසේ තබාගෙන සිටි ජපාන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත්ව තිබෙනවා.

27 හැවිරිදි මෙම පුද්ගලයා සිය නිවස තුල ශීතකරණ කිහිපයක මෙලෙස මිනිස් සිරුරු කොටස් සඟවා තිබියදී සොයාගත් බවයි වාර්තා වන්නේ.

ජපානයේ ටෝකියෝ නගරයට අසන්නව පිහිටි සාමා නගරයේ මෙම සිදුවීම සිදුව ඇති අතර දින කිහිපයකට පෙර එම නගරයේ ජීවත්වූ 23 හැවිරිදි තරුණියක් අතුරුදන්ව තිබෙනවා.

අදාල තරුණිය අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලදී, නගරයේ සී.සී.ටී.වී කැමරා පරික්ෂාවකට ලක්කර ඇති අතර එහිදී තරුණිය අතුරුදන් වන දිනයේදී ඇය සැකකරු සමඟ සිටි බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී ශීතකරණ තුල ගබඩාකර තිබූ මිනිස් සිරුරු කොටස් සොයාගැනීමට හැකිව තිබෙනවා.

කැබලි වලට කපන ලද එම සිරුරු කොටස් පරික්ෂා කිරීමේදී ඒවා පුද්ගලයින් නවදෙනෙකුගේ සිරුරු කොටස් බවට හඳුනාගත් බව සඳහන්.

සැකකරු විසින් එම සිරුරු කොටස් ආහාරයට ගැනීම සඳහා ගබඩාකර තබන්නට ඇතැයි සැක කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories