සටන් විරාමයකට සූදානම් බව නිදහස් පක්ෂය කියයි

Tuesday, 31 October 2017 - 19:22

%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පුළුල් සන්ධානයකින් එළඹෙන මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින කොටස් සමඟ සටන් විරාමයකට සූදානම් බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‘‘පළාත් පාලන මැතිවරණය අහෝසි කිරීමට හෝ කල් දැමීමට අපිට කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි එය ඉතා ඉක්මනින් පවත්වන්න කටයුතු යොදාගෙන යනවා. ඉගිලෙනකොට තමයි කොකාගේ සුද පේන්නේ. කවුරුත් දැන් ඉගිලෙන්න කැමති නැතුව වගේ තමයි ඉන්නේ බාගෙන ඉන්නේ තෙල් නැති ගුවන්යානා වගේ. උඩට නග්ගන්නේ නැතුව ඉන්නේ. ඒ නිසා බලාගමු මැතිවරණයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි නිල් පාට අත ලකුණින් අපි තරග වදිනවා.

ප්‍රශ්නය - අද තියෙන තත්ත්වය හැටියට ඇමතිතුමා එක පක්ෂයකටවත් තනි බලයක් පිහිටුවන්න අමාරු වාගේ තත්ත්වයක් තමයි තියෙන්නේ?

පිළිතුර - නෑ.. අපි ඉස්සෙල්ලාම අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා කියන එක ප්‍රාෙද්ශීය පාලනයේදී අපි ඉස්සෙල්ලාම බලන්නේ අපෙන් කැඩී ගිය කොටස් එකතු කරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක වුණත් සාකච්ඡාවක් යනවානම්. එතුමා හම්බෙච්ච වෙලෙත් මම යෝජනා කළේ එහෙම යනවානම් මම එතුමාටත් කිවවේ අපි බිම හදාගමු ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලා සටන් විරාමයක්. සටන් විරාමයක් තුළ එතුමාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සභාපතිලා උප සභාපතිලානේ වැඩිය ඉන්නේ පළාත් පාලන ආයතනවල. ඒ ගොල්ලන්ගේ ජයග්‍රහණයත් සහතික වෙනවා. අපිට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන්ද කියලා පළාත් පාලන ආයතනවල අපි උත්සාහ කරන්නේ. අපි සියලු දෙනා ජයග්‍රහණය කරලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන එක අපිට පුළුවන් අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තියෙනවා. අපිට වුවමනා තැන්වලදී නිල්පාට අත ලකුණින් එන්න පුළුවන්. අපිට පොදු පෙරමුණෙන් එන්න පුළුවන්. වෙන තැන්වලට අපිට බුලත්කොළෙන් එන්න පුළුවන්. අපිට ඒකට මහින්ද මහත්තයා කියලා ඒක අහක දාන්න පුළුවන්කමක් නැහැ. මෙහෙමනේ දෙමාපියෝ දික් කසාද වුණා කියලා තාම දික් කසාද වෙලා නැහැ. තාම මහත්තයාත් කියනවානේ තාම මේකේ කියලා. තාම නිකන් කතා බහක් විතරයි. තාම උසාවි ගිහිල්ලා දික්කසාද වෙලා එහෙම නැහැ. ජී.එල් පීරිස් මහත්තයායිග බැසිලුයි පොහොට්ටුවක් අටෝගත්තාට. තේරුණාද ඒකේ ඉන්න මන්ත්‍රිවරුන් අපේ නෑ කම්වලින් අස් කලා කියලා ආයි ඕක ගන්න බැරිකමක් නැහැ. මහගෙදරින් ගියාට පස්සේ ඔය රවුමක් ගහලා එන්නත් පුළුවන් නේ. එතකොට මේ දෙමාපියෝ දික්කසාද වුනත් දරුවන්ගේ මගුල් ගෙදර එකට ඉන්නවා. ඉලෙක්ෂන් එකෙන් පස්සේ අපිට පොහොට්ටුව එක්ක හරි මුස්ලිම් එක්ක හරි දමිල අය එක්ක හරි එක්සත් ජාතික පක්ෂය එක්ක හරි අපිට එකතු වෙන්න පුළුවන්. එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එකතු වෙලා අපිට බලය ගන්න පුළුවන්සභාවල.

ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න මොකක්හරි සාකච්ඡාවක් තියෙනවාද?

පිළිතුර - ඔව්.. ඔව්ග.. සාකච්ඡා වෙනවාග නැතුව අපි අවසාන මොහොත දක්වා විශ්වාසය තියෙනවා. අපි කොහොමත් ඕවා අන්තිම මොහොතෙනේ අනේ හරියන්නේ. එහෙම නැතුව බෙදිලා ගියොත් මෙහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ තුන්වන තැනට ගිහිල්ලා තියෙනවා නැත්තේ නැහැ ’’

යනුවෙන් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories