බැඳුම්කර ගනුදෙනුව ගැන දූෂණ විරෝධීන්ගෙන් අද හෙළිදරව්වක්

Wednesday, 01 November 2017 - 7:44

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් දුරකථන සංවාද කිහිපයක් අද දිනයේ මාධ්‍ය වෙත හෙළිදරව් කරන බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉන්පසුව එම හඬ පට ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙණුව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමටද ඉදිරිපත් කරන බවයි.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම හෝ නඩු පැවරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශනිල් නෙත්තිකුමාර නැමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

අනීකා විජේසූරියට සහ ඇගේ සොහොයුරු විජිත් විජේසූරියට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවටයි ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් කොල්ලුපිටියේ පිහිටි මොනෑක් නිවාස සංකීර්ණයෙන් සුඛෝපභෝගී නිවසක් ලබාදීම පිළිබඳව අනීකා විජේසූරිය පසුගිය දිනවල බැඳුම්කර කොමිසම හමුවේ කරුණු අනාවරණ කර තිබුණා.

පෙත්සම ගොනු කළ ශනිල් නෙත්තිකුමාර එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂවරයා සහ නීතිපතිවරයා ඇතුලු පිරිසක්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories