බටපොල වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින පාතාල නායක කොස්ගොඩ සුජී බවට තොරතුරු

Wednesday, 01 November 2017 - 14:46

%E0%B6%B6%E0%B6%A7%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
අම්බලන්ගොඩ - බටපොල සිදුවූ වෙඩි තැබීම විදෙස්ගතව සිටින පාතාල නායකයෙකු වන කොස්ගොඩ - සුජියා නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසනවා.

ඔහුගේ සඟයන් වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයින් වන කොස්ගොඩ ලැසියා, රණා සහ ජයලත් මෙම සිද්ධියට සහයෝගය දක්වා ඇති බවට වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

අම්බලන්ගොඩ - බටපොල - ඊරියගහදොළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුවුණා.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වුණේ.

වෙඩි වැදීමෙන් එකම පවුලේ පියා, දරුවන් තුන්දෙනා සහ තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

මොවුන් පැමිණි මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් පිලිසකර කිරීම සඳහා පැමිණි කාර්මික ශිල්පියා යළි අම්බලන්ගොඩ ප්‍රදේශයට ඇරලවීමට යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මුජිත නමැත්තා පසුගියදා කොස්ගොඩ සිදුවූ සිව් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන පාතාලයේ තාරුකගේ ඥාතියෙකු වන බවයි පැවසෙන්නේ.

තාරුක නමැත්තා කුඩා කළ හැදී වැඞී ඇත්තේ ද ඔහුගේ නිවසේයි.

කොස්ගොඩ සුජියාගේ කල්ලිය සහ තාරුකගේ කල්ලිය අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස කොස්ගොඩ තාරුක පසුගියදා සිදුවූ සිව් පුද්ගල ඝාතනය මෙහෙයවා තිබූ අතර, ඊයේ සිදුවූ වෙඩි තැබීම ඊට ප්‍රතිචාර දැක්වීමක් බවයි විමර්ශන කණ්ඩායම් පවසන්නේ.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීම සඳහා බුද්ධි අංශ ඇතුළුව විශේෂ විමර්ශණ කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories