එකට යෑම ගැන කැබිනට් ප්‍රකාශකවරු දෙපැත්තක

Wednesday, 01 November 2017 - 18:45

%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A
ඉදිරි පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය පොදු සලකුණක් යටතේ තරග කිරීමට සූදානම් බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද යළි ප්‍රකාශ කළා.

ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

බේරුවල ආසනයෙන් එලෙස තරග කිරීමට මේ වනවිට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

එහෙත් එම මාධ්‍ය හමුවටම එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවමත් එවැනි අදහසක් නොමැති බවයි.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී නැගුණු ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරුන් දෙදෙනා පිළිතුරු ලබාදුන්නා.

එහිදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කියා සිටියේ සියලූ පක්ෂ එකඟත්වයෙන් නව ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත ගෙන ආ බවයි.

නව ව්‍යවස්ථාව තුළින් ඒකීය භාවය තහවුරු වන බවද අමාත්‍ය රාජිත සේනාරත්න ඊට එක්වෙමින් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories