පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් 11 සහ 20 අතර

Wednesday, 01 November 2017 - 19:39

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+11+%E0%B7%83%E0%B7%84+20+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මස 11 සහ 20 වනදා අතර සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඡන්ද විමසීම ජනවාරි මස 20 සහ 31 වනදා අතර දිනකදී පැවැත්වීමට හැකිවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මැතිවරණ මහලේකම් කාර්යාලයේදී රැස්වු මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණවලට එළඹ තිබෙනවා.

ඒ අනුව තේරීම් භාර නිලධාරීන් විසින් නාමයෝජනා කැඳවීමේ දැන්වීම නොවැම්බර් 27 වන දිනයෙන් ආරම්භවන සතිය තුලදී නිකුත් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාදීමට ද තීරණය කළ බවයි කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එම නිශ්චිත දිනය පසුව නිවේදනය කරනු ඇති.

ඒ අනුව නාම යෝජනා කාල සීමාව අදාළ දැන්වීම නිකුත් කරන දිනයට පසුව එළඹෙන 14 වන දිනයෙන් ආරම්භ වී 17 වන දින මධ්‍යහ්න 12 ට අවසන් වීමට නියමිතයි.

නාම යෝජනා කාලසීමාව දින 3 හමාරක් පමණක් වනු ඇති.

ඡන්ද විමසීම් දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ නාම යෝජනා කාලසීමාව සහ ඊට අදාළ කටයුතු නිමාවට පත් වීමෙන් පසු තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කරන ඡන්ද විමසීම් පිළිබඳ ගැසට් නිවේදනය මගිනුයි.

එම නිවේදනය නිකුත් කෙරෙන දිනයේ සිට සති 5 කට නොඅඩු සහ සති 7 කට නොවැඩි කාලසීමාවක් ඇතුලත ඡන්ද විමසීම පැවැත්විය යුතු වනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන මැතිවරණය 2018 ජනවාරි 20 සිට 31 වනදා අතර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයකදී පැවැත්වෙනු ඇති.

නාම යෝජනා පිළිබඳ දැන්වීම් පළකරන දිනය / නාම යෝජනා කාලසීමාව සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය නිශ්චිතව නම් කිරීම ඉදිරි දිනවලදී පවත්වන මැතිවරණ කොමිසමේ රැස්වීම්වලදී තීරණය කරනු ඇති බවයි කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත්පාලන මැතිවරණය නිශ්චිත වශයෙන්ම පැවැත්වීමට අද රැස් වු මැතිවරණ කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 31 වනදාට පෙර මැතිවරණය පැවැත්විය හැකි වන පරිදි නාමයෝජනා කැඳවීමේ දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් කියා සිටියේ.

මේ අතර පළාත්පාලන ආයතන ඡන්දය සදහා වන ගැසට් නිවේදනයට විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද අත්සන් තැබීමත් සමග එම ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරන බව රජයේ මුද්‍රණාලය සදහන් කළා.

එම ගැසට් නිවේදනයෙහි මහානගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත අනුව පළාත් පාලන ආයතනවලට පත් කරනු ලැබිය යුතු මන්ත්‍රිවරුන් සංඛ්‍යාව නිශ්චය කරනු ඇති.

ගැසට් නිවේදනයට අත්සන් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් සදහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඵතින් ප්‍රතිස්ථාපනය කරන පළාත් පාලන ආයතනය සංස්ථාපන ගැසට් නිවේදනයද කඩිනමින් නිකුත් කරන බවයි.

පළාත්පාලන ආයතන ඡන්ද විමසිමේ පනත සංශෝධනය කිරිමේදි සිදු වු සදොස් පරිවර්තනයක් නිවැරදි කිරිම සදහා වන පනත් කෙටුම්පතක්ද ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන්ද අද මැතිවරණ කොමිසන් සභාව හමුවී පළාත්පාලන ඡන්දය සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

මේ අතර මැතිවරණ කොමිසන් සභාව රැස්වීමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් සඳහන් කළේ කිසියම් පළාත් පාලන ආයතනයක ගැටඵවක් ඇති වුවහොත් එම පළාත්පාලන ආයතනය අතහැර හෝ ජනවාරියේ මැතිවරණය පැවැත්වීමට තීරණය කළ බවයි.

එසේම පළාත්පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා ලබාදීමට අපේක්ෂිත නියෝජිතයින්ගේ හමුවක්ද ඊයේ කොළඹදී පැවැත්වුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories