මහරගමට කුඩු බෙදු කාන්තාවක් අත්අඩංගුවට

Friday, 03 November 2017 - 12:44

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහරගම ප්‍රදේශයට කුඩු බෙදාහැරීමේ නිරත වූ ප්‍රධාන පෙලේ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මහරගම - පැරකුම් මාවත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි මෙම කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියද මීට පෙර කුඩු ජාවාරමේ නිරතවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

මෙම කාන්තාවගේ වැඩිමහල් සොහොයුරිය හදුන්වන්නේ මහරගම කුඩු රැජිණ යන අන්වර්ථ නාමයෙන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ කාන්තාව සතුව තිබී කුඩු ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 40 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

මෙම කාන්තාව අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories