නිදහස් පක්ෂ තීරණාත්මක සාකච්ඡාව ඇරඹේ

Friday, 03 November 2017 - 13:10

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණාත්මක සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර ඇති බව නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක වෙත යොමු කිරීමට පියවර ගත්තා.

ඒ, පළාත් පාලන ඡන්දයට අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් නිදහස් පක්ෂය යොමුකළ ලිපියට පිළිතුරු ලෙසයි.

එහිදී කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 7 ක් ඔවුන් කොන්දේසි ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

හවුල් ආණ්ඩුවෙන් නිදහස් පක්ෂය ඉවත්වීම, ජීවන වියදම පහත දැමීම, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වීම, බැදුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම ඇතුළු කරුණු ඊට ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories