මනුස් දිවයිනේ කඳවුරුවලට සැපයීම්, පැපුවානිව්ගිනියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Tuesday, 07 November 2017 - 11:14

%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය සතියේ වසා දමන ලද මනුස් දිවයිනේ ඕස්ට්‍රේලියාව පවත්වාගෙන යන සරණාගත කඳවුරුවලට සැපයීම් ප්‍රතිස්ථාපනය කිරීම පැපුවානිව්ගිනියා ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයන් 600කට අධික පිරිසක් මෙහි රදවා සිටියා.

කඳවුර වසා දැමුව ද සරණාගතයන් මනුස් දිවයිනෙන් නික්මීම ප්‍රතික්ෂේප කරන බව සඳහන්.

මේ නිසා ඔවුන්ට ජලය, ආහාර, විදුලිය සහ සෞඛ්‍ය පහසුකම් මෙන්ම ආරක්ෂක සේවාවන් ද නතර වී තිබෙනවා.

මනුෂීය හේතූන් මත ඔවුන්ට මෙම සැපයුම් ලබාදෙන ලෙස නීතිඥවරුන් පිරිසක් කළ ඉල්ලීමයි පැපුවානිව්ගිනියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත්තේ.

මනුස් දිවයිනේ ඕස්ට්‍රේලියානු සරණාගත කදවුර පසුගිය 31 වන දා වසා දමනු ලැබුවේ එය ව්‍යවස්ථානුකූල නොවන බවට පැපුවානිව්ගිනියා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories