කොළඹ වෝර්ඩ් පෙදෙස අවට දැඩි රථවාහන තද බදයක්

Tuesday, 07 November 2017 - 13:17

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF+%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සරසවි සිසුන්ගේ විරෝධතාවක් සහ ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් හේතුවෙන් කොළඹ වෝර්ඩ් පෙදෙස අවට දැඩි රථවාහන තද බදයක් පවතින බව වාර්තා වනවා.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ලබාදුන් තීරණය පිළිගත නොහැකි බව ප්‍රකාශ කරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

එම සංගමය නියෝජනය කරමින් දෙමාපියන් 5 දෙනෙකු මෙම උපවාසයට සහභාගි වී සිටින බව සඳහන්.

මේ අතර, සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාවලට විරෝධය පළ කරමින් අද උදෑසන ගම්පහ නගරයේ විරෝධතාවක් පැවැත්වුණා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම විරෝධතාව සඳහා වෛද්‍ය පීඨ සිසුන්, උපකාරක පන්ති සඳහා සහභාගි වන සිසුන් ඇතුළු තවත් සිවිල් සංවිධාන නියෝජිතයින් ඊට එක්ව සිටි බවයි.

කෙසේ වෙතත්, සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයට අද දහවල් සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මීට පෙර ඔවුන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සමඟ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories