බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ ඇතුලූ අටදෙනා යළි රිමාන්ඩ්

Tuesday, 07 November 2017 - 14:20

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%96+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
දිවුලපිටිය - හේන්පිටගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ ඇතුලූ අටදෙනා මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් තිළණි චතුරන්ති පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට ගැනුනු මොවුන් ගමන් ගත් වෑන් රථයේ තිබී අත්අඩංගුවට ගනු ලැබූ ජීව අත්බෝම්බය සහ පිස්තෝලය වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ.

දිවුලපිටිය - හේන්පිටගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූයේ පසුගිය 23 වනදායි.

එහිදී එක් අයෙකු මියගිය අතර, වෑන් රථයේ සිටි 7 දෙනෙකු සහ පළාත් සභා මන්ත්‍රිවරයාගේ බිරිඳ පසුව පොලිීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories