ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

Wednesday, 08 November 2017 - 9:23

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය එහි සභාපති කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී රැස්වනවා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව, සම්බන්ධයෙන් වූ විවාදය සඳහායි.

පසුගිය මස 30, 31 සහ මේ මස පළවනදා මෙන්ම, දෙවනදාද අදාළ විවාදය පැවැත්වුණා.

කෙසේ නමුත් පසුගිය සිකුරාදා පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී තීරණය වූයේ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් මැති ඇමතිවරුන්ට අදහස් දැක්වීම සඳහා තවත් දිනයක් ලබාදිය යුතු බවයි.

ඒ අනුව එම විවාදය පස්වන දිනටත් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර, අපරාධයක, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories