අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

Wednesday, 08 November 2017 - 15:21

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
භාණ්ඩ වර්ග 7 ක් මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ හාල්මැස්සන්, අර්තාපල්, ලොකු ළුෑණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ වර්ගවල බදු මෙලෙස පහත දමා ඇති බවයි.

ඒ අනුව හාල් මැස්සන් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් අඩුකර ඇති අතර, අර්තාපල් සහ ලොකු ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39 කින් අඩුකළ බව  අමාත්‍යවරයා කියා සිටියා.

පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 12 කින් අඩුකර තිබෙනවා.  

කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර ඇත්තේ රුපියල් 50 කින්.

පොල් තෙල් හා එළවලු තෙල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද රුපියල් 25කින් පහත දමා තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ද නිකුත් කළ බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories