වස්ගමුව ජාතික වානෝද්‍යානයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

Wednesday, 08 November 2017 - 15:31

%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ තිබියදී අද (08) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හඳුන්ගමුව, හිඹිලියාකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මැදගෙදර උපාලි හේරත් නමැති 19 හැවිරිදි තරුණයෙක්.

පසුගිය 7 වනදා පස්වරුවේ මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ දඩයමේ ගොස් ඇති අතර ඔහු ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී මෙම මළසිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වෙඩි තබාගත්තේද නැතහොත් ඝාතනයට ලක්වූයේද යන්න පිළිබදව විල්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
                                                                                                                                                                                                                                                                                                                 නාඋල - ඉන්දික අරුණ කුමාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories