දිවයිනට ළගා වූ නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂා කිරීම අරඹයි (ඡායාරූප)

Thursday, 09 November 2017 - 6:50

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B7%85%E0%B6%9C%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් සමග දිවයිනට ළගා වූ නෙවස්කා ලේඩි නෞකාවේ ඇති ඉන්ධන සාම්පල පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසනවා.   

පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 40,000ක් රැගත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් ලේඩි නෙවස්කා නැමති නෞකාව ඊයේ රාත්‍රී 11.45 ට පමණ මුතුරාජවෙල බෝයාවට ළඟාවුණා.

ලංකා ඛනිජතෙල් නීතිගත තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සංජීව විජේරත්න සඳහන් කළේ මෙම පෙට්‍රල් තොගයේ සාම්පල් ලබාගැනීමෙන් පසුව ඒවා මේ වනවිට රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි.

අනතුරුව අද පස්වරුවේ  ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

පසුගිය මස 17 වනදා ඉන්දියන් ඔයිල් සමාගමට අයත්, ටොම් ඇෆ්රියේට් නමැති ඉන්ධන නෞකාව ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වීමත් සමග එහි අඩංගු ඉන්ධන ලබා නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරනු ලැබුවා.

ඒ අතරතුර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඇණවුම් කළ ඉන්ධන නෞකාවක් ද මෙරටට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් දින 6 ක් ඉන්ධන පිරවුම්හල් අසල පෙට්‍රල් ලබාගැනීම සඳහා දිගු පෝලිම් ඇති වුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories