ගාල්ලට ටෝනාඩෝවක්

Thursday, 09 November 2017 - 12:31

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගාල්ල, මාගාල්ල, උනවුටන මුහුඳෙහි ටෝනාඩෝ තත්වයක් වාර්තා වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඇඹරෙන පුනීලයක් බඳු වූ වේගයෙන් කැරකෙන සුළං ප්‍රවාහයක් මුහුඳ මැදින් ඊයේ (08) පස්වරු 7ට පමණ දැකගත හැකිවූ බවයි.

මිනිත්තු 5ක් පමණ පැවති මෙම අවස්ථාව සියැසින් දැකගැනීම සඳහා ප්‍රදේශවාසීන්ද මෙම ස්ථානයට රැස්ව තිබෙනවා.

ගාල්ල කොටුව ප්‍රදේශයේ සහ නගරය ආශ්‍රිත තවත් මුහුඳු ප්‍රදේශ ගණනාවකට මෙම තත්වය දිස්වූ බවයි වාර්තා වන්නේ.
    
ගාල්ල, කඩේ වැල්ල සහ රත්ගම වැල්ල ප්‍රදේශවල ධීවරයින් මෙම තත්වය දැක කුණාටුවක් ඇතිවිය හැකි බැවින් ධීවර කටයුතු නවතා ගොඩබිමට පැමිණ තිබුණා.



හබරාදුව - නිමල් අල්ගෙවත්ත / හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories