විද්‍යුත් වාහන බදු ලක්ෂ 10 කින් අඩුකර සැප වාහන බද්ද ලක්ෂ 25 කින් නංවයි - ලබන වසරේ අප්‍රේල් පළවනදා සිට අලූත් බද්දක් සහ ගාස්තුවක්

Thursday, 09 November 2017 - 17:55

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+10+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B4+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
2018 වසර සඳහා වන අයවැය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙය මුදල් අමාත්‍ය මංගල සමරවීර එම ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ පළමු අයවැය වන අතර, වත්මන් ආණ්ඩුවේ තුන්වන අයවැයයි.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියා.

2018 වසර සඳහා වන සමස්ත වියදම ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඒ අනුව ලබන වසරේ රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,982 ක්.

මුදල් අමාත්‍යවරයා අද ඉදිරිපත් කළ අයවැය කතාවෙන් පසු හෙට සිට පුරා දින 06 ක් අයවැය දෙවන වර කියැවීමේ විවාදය පැවැත්වෙන අතර, දෙවැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම ලබන 16 වැනිදා සිදුකෙරෙනු ඇති.

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය එළැඹෙන 17 වනදා සිට දෙසැම්බර් 09 වනදා දක්වා පැවැත්වෙනවා.

තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 09 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය අයවැය කතාව ආරම්භ කළේ අයවැයේ තේමාව සහ ලබන වසරේ අයවැය ඉලක්කයන් පිළිබදව පැහැදිලි කරමින්.

එහි තේමාව ලෙස නීල හරිත අයවැයක් ලෙස නම් කර තිබුණා.

එමෙන්ම, ඉදිරි වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධන වේගයකුත්, උද්ධමනය 6% ක මට්ටමේ පවත්වාගෙන යාමටත් යෝජනා කර ඇති බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

විදුලි ත්‍රිරෝද රථ සහ බස් රථ ඇතුලූව විදුලිබලයෙන් ක්‍රියාත්මක කෙරෙන වාහන වල ආනයනික බදු අඩු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (09) අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

ඒ අනුව, විද්‍යුත් මෝටර් රථ රුපියල් ලක්ෂ 10 කින් අඩු කිරීමත් අධි සුඛෝපභෝගි වාහන බද්ද ලක්ෂ 25 කින් වැඩි කිරීමටත් තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ත්‍රිරෝද රථ සදහා නියාමනය අධිකාරියක් පිහිටුවීමට ද, මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

මේ අතර, යතුරුපැදි, මගී බස් රථ සහ මෝටර් රථ සදහා නව කාබන් බද්දක් ද හදුන්වා දෙන බව ද මුදල් අමාත්‍යවරයා කියා සිටියා.                    

පරිසර ආරක්ෂාව අරමුණු කර ගනිමින් ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක නිෂ්පාදන බද්දක් පනවනු ලැබුවා.

ජංගම දුරකථන කුළුණු සදහා නව බද්ද ක් ද පනවන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම, වී ඇතුලූ බෝග වර්ග 6 ක් සදහා නව දායකත්ව රක්ෂණ ක්‍රමයක් ද හදුන්වාදීමටයි මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ.

ඒ අනුව අක්කරයකට රුපියල් 40000 ක රක්ෂණාවරණයක් හිමිවනු ඇති.

එමෙන්ම, තෝරා ගත් කෘෂි උපකරණ සදහා මෙතෙක් පැවති ජාතිය ගොඩනැගීමේ බද්ද ද මෙවර අයවැයෙන් ඉවත් කෙරුණා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සදහන් කළේ අඩි 55 ට වඩා වැඩි දිගින් යුත් බහුදින ධීවර යාත්‍රා නිෂ්පාදනය සඳහා වන පිරිවැයෙන් සියයට 50 ක් රජය දැරීමට බලාපොරොත්තු වන බවයි.

ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර, ආනයන අපනයන අංශයන් සහිත නව සංවර්ධන බැංකුවක් පිහිටුවන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

පාසල් සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට ද නව රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර, මහපොළ ශිෂ්‍යාධාරයට යටත් වන ආදායම් සීමාව ද ඉහළ දමා තිබෙනවා.

රැකියා ඉලක්ක කර ගනිමින් තරුණයින් සදහා විශේෂ පුහුණු වැඩසටහනක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබුණා.

සිසිල් බීම වල අඩංගු සෑම සීනි ග්‍රෑම් එකක් සදහාම ශත 50 ක නිෂ්පාදන බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැනවීමට ද අයවැයෙන් යෝජනා වුණා.

එමෙන්ම, සියලූ මත්පැන් සදහා ජාතිය ගොඩනැගීම බද්දක් ලබන වසරේ අප්‍රේල් පළමුවැනිදා සිට පනවන බවයි මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සදහන් කළේ.

මීට අමතරව, පානීය නොවන මධ්‍යසාර සදහා ලීටරයකට රුපියල් 15 ක් බැගින් වූ සුරා බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කලාකරුවන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට ද පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

බැංකු හරහා සිදුකරන ගණුදෙනුවලදී රුපියල් දහසක් සදහා ශත 20 ක ණය ආපසු ගෙවීමේ බද්දක් ලබන වසරේ අප්‍රේල් පළවනදා සිට වසර 3 ක් සදහා ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා වුණා.

කෙටි පණිවුඩ මගින් සිදුකරන අලෙවි ප්‍රචාරණ කටයුතු සදහා ශත 25 ක ගාස්තුවක් පැනවීමට ද මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ, 2018 වසර සඳහා වන

සම්පුර්ණ අයවැය යෝජනාවලිය මෙතැනින්





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories