නෙවිල් ප්‍රනාන්දු රෝහල වසර දෙකක් තුළ මුල්ලේරියාව රෝහල සමඟ ඒකාබද්ධ කෙරේ

Saturday, 11 November 2017 - 13:54

%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මුල්ලේරියාව මූලික රෝහල සමග ඒකාබද්ධ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

මුල්ලේරියාව රෝහලේ අද (11) පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නෙවිල් ප්‍රනාන්දු රෝහල පහසුකම්වලින් සපිරි රෝහලක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමඟින් ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවද සඳහන් කළා.

අමාත්‍යවරයාගේ එම තීරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි කැදවුම්කරු ළහිරු වීරසේකර අදහස් පළ කරමින් කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහල තවදුරටත් රජයේ රෝහලක්ද යන්න සම්බන්ධයෙන් ගැටලූ මතුවන බවයි.

මේ අතර, සයිටම් ආයතනය අහෝසි කළ බවට රජය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් දේශන සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමඟ අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, දේශණ වලට සහභාගි වීම සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ සිසුන් සමග ද ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories